ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
පසුගිය 2020 සහ 2024 වර්ෂ තුළදී විශ්‍රාම ගැන්වූ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමට 2024 වර්ෂයේදී විශ්‍රාම ගියපසු නිසි වැටුප් වැඩිවීමක් සිදු නොවීම මත ගැටළු රාශියක් උද්ගතවී ඇතිබව 2020/2024 විශ්‍රාමිකයන්ගේ එකමුතුවේ ජාතික සංගමයේ විධායක සභික ආරිය වංශ කොඩිකාර මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව පෙන්වා දුන්නේ 2020 /2024 විශ්‍රාමික එකමුතුවේ හම්බන්තොට දිස්ත්‍රික් එකමුතුවේ නව නිලධාරීන් පත්කර ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි
Read Moreකථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.
Read Moreවසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Read Moreනැගෙනහිර කලාපය තුළ වී මිලදී ගැනීම සඳහා වී අස්වනු නෙළන ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් සතියේ සිට ගබඩා විවෘත කළත් ඊයේ (08) දිනය අවසන් වන තුරු කිසිදු ගොවියෙකු වී ලබාදී නැතැයි වී අලෙවි මණ්ඩලය කියයි.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙකු වන ජයවීර මහතා එම විශ්ව විද්‍යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බදුකරණය පිළිබඳව ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇත. එසේම කැලණිය විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණවේදය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබාගෙන ඇති ඒ මහතා ඉන්දියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, නෙදර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක ආර්ථික විද්‍යාව සහ බදුකරණය පිළ
Read Moreසුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreඌව පරණගම පෙයාස් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී ඇතැයි ඌව පරණගම ගොම්මලිකන්ද පෙයාස්වගාකරුවන් පවසයි. ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොම්මල්කන්ද ප්‍රදේශයේ පෙයාස් වගාව සදහා ඉතා හොද දේශගුණික තත්වයක් පවතින අතර ගොම්මලි කන්ද ප්‍රදේශයේ පවුල් රැසක් මේ හේතුව නිසාම පෙයාස් වගාවේ නිරත වේ. වර්ෂයකට එක් වරක් හට ගන්නා මෙම පෙයාස් වගාවට හොද මිලක් ලබා දෙන ලෙස ගොවින් ඉල්ලා සිටියි.
Read Moreබොරැල්ල පොලිස් වසමේදී ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ.්‍මෙම වෙඩි තැබීමෙන් දේපළ හානි හෝ ජීවිත හානි වාර්තා නොවෙයි.්
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) මගින් මහනුවර දිස්ත්‍රික්කය තුළ මගී ප්‍රවාහනය සිදුකළ යුතු මාර්ග 426 අතුරින් මාර්ග 121 ක දැනට වසර දෙකක කාලය තුළ බස් ධාවනය නොවන බව මහනුවර බස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර සනත් ප්‍රසන්න මහතා මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටුව හමුවේ පැවසීය.
Read Moreරුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කර ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා උතුරු මැද පළාත් ආයුරුවේද දෙපාර්තමේන්තුව මගින් ඇගිලි සලකුණු යන්ත්‍ර (finger mark) 9ක් මිලදී ගැනීමක් සිදු කර ඇතත්, කෝටි ගනනක් වැය කර මිලදී ගත් එම යන්ත්‍ර භාවිතා කරන්නේ සේවකයන් දෙදෙනකු බව වාර්තාවේ.
Read Moreසේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත ජූලි 22 විවාදයට... සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 23.. ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 24..
Read Moreපුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රය මේ වන විට අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් වසර සියයකටත් වඩා පැරණි පුරාවිද්‍යා නීති අණ පනත් යාවත්කාලීන විය යුතුව තිබෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ විමර්ශන ඒකක 4, විසින් කරන ලද කැඳවීමකට අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙට (09දා) ප්‍රකාශයක් ලබාදීම සඳහා එම ඒකකය වෙත පැමිණීමට නියමිතය.
Read Moreවෙළඳ නෞකාවන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේ කටයුතු යළිත් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවැරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
Read Moreජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක් සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන ලද ගිනි පෑගීමේ උළෙල අද (08) උදෑසන සිදුවිය .
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන අවසන් හා තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ හයවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.1 ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 206 ක් රැස්කරගෙන සිටියි. නායක චරිත් අසලංකද නොදැවී අර්ධ ශතකයක් රැස්කරනෙ සිටියි.
Read Moreගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා 75% වැඩි වාරික මුදලක් ගෙවා ඇති ගොවීන් සඳහා එසේ ගෙවන ලද වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතික විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ලබාදුන් උපදෙස් අනුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව 2025 ජූලි මස සිට ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
Read Moreවර්තමානය වන විට වෙළඳපොලේ පැවති ලුණු හිඟය අවසන්ව ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන් මහතා පැවසීය.
Read Moreපොලිස් දෙපාර්තමේන්තුවේ වර්තමානය වන විට පුරප්පාඩු 28,000ක් පමණ තිබෙන බවත්, ඒ අනුව 5,000ක පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
Read Moreමහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25දා රාත්‍රී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත්කල සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පෙරේදා (7දා) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩාය අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (08දා) පැවැත්වේ.
Read Moreමුත්තු නගර් අක්කර 800 කට අයත් භූමි ප්‍රදේශයක් ඉන්දියානු සූර්ය පැනළ සවිකරණ සමාගමකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහි තිබෙන බරපතල තත්ත්වය නම් මේ ඉඩම් මුඩු ඉඩම්වත්, අත්හැරලා දාපු ඉඩම් වත් නෙවෙයි. පසුගිය අවුරුදු පනහක කාලය තුළ වගා කළ ඉඩම් යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.
Read Moreඅල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreඉකුත් රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙවි බලපත්‍රවලට අදාළව ශ්‍රීපාද නල්ලතන්නිය ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල සහ එම ප්‍රධාන නගරවලට පිවිසෙන මාර්ග අභියස ගත වූ මාස කිහිපය තුල අලුතින් තැබෑරුම් ගණනාවක් විවෘත කර ඇත.
Read Moreහැමිල්ටන් ඇළ මාර්ගය භාවිතා කරමින් සංචාරයක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම යළිත් ප්‍රවාහන හා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ හැකියාව සොයා බැලීම පිනිස පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
Read Moreදේශීය ගෘහ සේවිකාවන් තමන් සේවය කරන නිවෙස්වලදී මුහුණ දෙන හිංසාවන් සඳහා විසඳුම් ලබා දෙන ලෙස සහ ඔවුන්ගේ සේවක අයිතිවාසිකම් ලබා දෙන ලෙස ගෘහස්ත කම්කරු සංගමය කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
Read More