ධිවර වරායන් වැඩිදියුණු කිරිම යටතේ මේ වනවිට දකුණු වෙරළ තිරය තුල පිහිටි දොඩන්දුව, හික්කඩුව, අම්බලන්ගොඩ, යන ධිවර වරායන් සංවර්ධනය කිරිමට සැලසුම් සකස්කොට ඇති බැව් ධිවර,ජලජ හා සාගර සම්පත් අමාත්යංශය පවසයි.
මේ වනවිට මෙකි වරායන් පිළිබද පාරිසරික බලපෑම් වාර්තාව සකස්කිරිමද අවසන්කොට ඇති අතර එම වාර්තාව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුව වෙත යොමුකොට ඇති බවද ධිවර අමාත්යංශය පවසයි. ඉදිරියේ දි මෙකි ධිවර වරායන් සංවර්ධනය කිරිමට නියමිතව ඇත.