saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 310 hours ago

LATEST

ඩුබායි වීසා නිලධාරියාගේ නිවසට ගණේමුල්ලේදී වෙඩි

calendar_today 2025 ජුලි 14 - 09:01 remove_red_eye - 386  

මෙම නිවසේ අයිතිකරු දැනට ඩුබායි හි වීසා නිලධාරියෙක් ලෙස සේවය කරන බවත් ඔහු විසින් සංවිධානාත්මක අපරාධකරුවන් විසා සැකසීමේදී ඇතිව තිබූ එකඟතාවයකට එරෙහිවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට මේ වන විට තොරතුරුඅණාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

නාගරික ප්‍රදේශවල සේවයේ නියුතු ඇතැම් පොලිස් නිලධාරීන් පොලිස් නිලනිවාස වල වසර 30-37 ජීවත් වන බවත් එම පහසුකම් අනෙකුත් සහෝදර පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ගේ පවුල්වල දූ දරුවන්ටද ලබාදීමේ අරමුණින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ බව වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

Read More

ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාර ගණයේ මැද පන්සල රංගිරි දඹුල්ල ශ්‍රී වලගම්බා මහා පිරිවනේ ඉංග්‍රීසි භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලක් 13 දින ආරම්භ කෙරිණි.

Read More

ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන 14 ක් හොර රහසේ පුද්ගලික සමාගමකට පැවරීමට රජය ක්‍රියාත්මක කරන බවත් ඊට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සමිතිය 13 දින රජයට අනතුරු අගවන බව දන්වා සිටිති.

Read More

මොනරාගල,අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක වල රජයේ කැළෑ හෙක්ටයාර් 5711.75 රක්ෂිත කිරීමට පරිසර අමාත්‍යංශයෙන් පියවර ගෙන ඇතැයි මොනරාගල දිසා වන නිලධාරී චමින්ද ලියනආරච්චි මහතා පැවසීය.

Read More

ඉහළ කොත්මලේ ජල විලුදි බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පසුව මේ දක්වා විදුලි ඒ්කක බිලියන 5.5ක් ජාතික පද්ධතියට ලබා ද‍ී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදු නොවන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(13දා) පැවැත්වේ.

Read More

බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රංජිත් දිසානායක මහතා පුද්ගලික හේතුවක් මත ඉල්ලා අසූ බවත් එම පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස ආරියදාස ගම ඇතිගේ මහතා පත්කර තිබේ.

Read More

සම්බාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑම සදහා එහි හිමිකාරියගෙන් රුපියල් 30000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 30000/-ක මුදල යළි අයකර ගැනීමටද නියම කළේය.

Read More

අද පෙරවරුවේ පල්ලෙවෙල පොලිස් වසමේ මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍ර දේශයේදී මිරිගම ‍දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මූලිකවම ජාතික විදුලිබල අවශ්‍යතාවය උපරිම වන රාත්‍රී 7ත් 10ත් අතර කාලයේදී පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමේදී ඉතාම වැදගත් කාර්යක් ඉටු කිරීමට අපේක්ෂිත මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය ඉදිරි දෙසැම්බර්යේදී පමණ ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.

Read More

දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් කියා සිටියි.

Read More

2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සසඳා බැලීමේදී සියයට 22කට ආසන්න වර්ධනයකි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 04 වැනි දිනය සඳහා වන තරගය අද(13දා) පැවැත්වේ.

Read More

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කර තිබේ.

Read More

2026 ජනවාරි 01 වැනිදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් නාලක කලුවැව මහතා පැවසීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ දෙවැනි විස්සයි 20 තරගය අද පස්වරු 7.00ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

Read More

යාපනය ඩෙල්ෆ් දූපත දක්වා මුහුදු මාර්ගයෙන් ගමන්ගත් සංචරක බොට්ටුවක් ඊයේ (12) දින පෙරලී දියේ ගිලීම හේතුවෙන් එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බවත්, පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

අකාර්යක්ෂම පාලනය සහ මූල්‍ය වංචාවන් නිසා එදිනෙදා සේවාවන් පවත්වාගෙන යාම අසීරුවී තිබෙන පැල්වත්ව සීනි කර්මාන්තායතනය යළි ගොඩනැංවීමට පියවර ගන්නා බැව් මොනරාගල දිස්ත්‍රික් පා.ම වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා පැවසීය.

Read More

හාලිඇල නගරයේ කන්දේගෙදර මාර්ගයේ පිහිටි වැඩිහිටි නිවාසයක බැද තිබු දෙබර කූඩුවක් ඇවිස්සීම නිසාවෙන් දෙබර ප්‍රහාරයට ගොදුරු වූ වැඩිහිටි නිවසේ වැඩිහිටියන් හත්දෙනෙකු අද (12) බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව අතර සාකච්ඡාවක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44% සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපත එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකි වුණා : උපරිම සහන ලබා ගැනීමට සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යනවා – ජන

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිරිමා හා කාන්තා කණ්ඩායම්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රවේගකාරී පිතිකරණ කුසලතා ඉහළ නැංවීම වෙනුවෙන් ඒ් පිළිබඳ විශේෂඥ පුහුණුකරුවෙක් වන ජූලියන් වුඩ්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

Read More

පුද්ගලයන් 260ට මරු කැඳවමින් ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව මූලික වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.

Read More

අද දින සවස් කාලයේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්‍ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 18,500කින් ඉහළ ගියේය.

Read More

’’මගේ පැත්තෙන් කිසිම දෙයක් කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුවූණේ නෑ. මම වරදක් කරලා තිබෙනවානම් කරන්න තියෙන්නේ යන්න තියෙන හැම උසාවියකටම ගිහින් මාව වරදකරුවෙක් කරන එකයි.අපි එක සත පහක්වත් හොරකම් කරලා දේශපාලනයට ආපු අය නෙමෙයි. මට කිසිම බයක් නෑ. මට කන්ටේනර් ගැන බලයකුත් නෑ.’’

Read More

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයන සරල කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය ප්‍රතිසංස්කරණ පැකේජයක් එළිදක්වා ඇති බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.