හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඒ අනුව, ධාතුන් වහන්සේ වන්දනාවට එක්වීමට බලාපොරොත්තු වන සියලුම ජනතාව අද (10) රාත්රී 10.00ට පෙර පෝළිම්වලට එක්වන ලෙස දැනුම් දී ඇත.