සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ලිපියට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන්පෙනී සිටි රජයේ නීතිඥවරිය පැවැසීය.
මෙම ලිපිය බලරහිත කරන්නැයි ඉල්ලා දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අධිකරණයට ගොනු කර තිබූ පෙත්සම අද දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු අණාවරණය විය.
මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ලිපිය ඉවත් කර ගන්නා බව ලංකා සංචාරක අධිකාරියේ සභාපතිවරයා පෙබරවාරි 02 දා ලිපියකින් දැනුම්දී තිබේ.