saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3574 hours ago

LATEST

අපේ රිලවුන් ගන්න චීන සමාගම තවමත් සූදානම්

calendar_today 2023 ජුනි 29 - 11:45 remove_red_eye - 319  

මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමේ වැඩ පිළිවෙළ පිළිබඳව නීතිමය වශයෙන් ඇතැම් පරිසර සංවිධාන විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා දැනට එම වැඩ පිළිවෙළ නැවතී ඇත. නමුත් චීනයේ පුද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සදහා ඉදිරිපත් ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සාමාජිකයන් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල වෙත බලපෑමක් ඇති නොවන බවත් ඒ සඳහා ලබාදෙන සියයට 9ක පොලිය සහතික කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.

Read More

බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව අද (29දා) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. මෙම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සහාය වශයෙන් හා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන් කර තිබේ.

Read More

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව 06/29 දින අලුයම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

2019 වසරේ පවත්වන ලද සීමිත තරඟ විභාගය පදනම් කරගෙන විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (28) නිකුත් කළේය.

Read More

ගෞතම බුදුන් වහන්වසේ පෙන්වා දුන් උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රමවේදයක් අනුව සිදු කිරීම සඳහා බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ස්ථාපිත කළ බව විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායන මහතා සඳහන් කළේ ය.

Read More

මාස 06 සිට අවුරුදු 03 දක්වා දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම නවතා දැමීම නිසා හා වයස අවුරුදු 03ත් අවුරදු 05ත් අතර අඩු බර දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම නිසි අයුරින් සිදුනොවීම නිසා පෝෂණය සම්බන්ධ ගැටලු ඇති වෙමින් තිබෙන බව සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.

Read More

‘ගැහනු ළමයෙකු වෙල ඉපදිලා ඉපිදිලා ජීවත්විමට ලැබීමමට හරි දුකක්. මට අදින්න පළදින්න ජිවත් වන්න උවමනා කරන්නේ කොල්ලෙක් වගේ’ කියා මවට ලිපියක් ලියා තබා කදාන ප්‍රදේශයේ උතුරු බටගම පදිංචි 14 හැවිරිදි පාසැල් දැරියක් තම නිවසේ තමාගේ නිදන කාමරයේ ගෙල වැලලා ගෙන මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.

Read More

පවුල් ආරාවුලක් විසඳා ගැනීමට කුරුණෑගල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණි කාන්තාවක් පැමිණිල්ල විභාගයට ගනිමින් සිටි අවස්ථාවේදී තම විවාහක සැමියා සහ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම වස පානය කිරීමේ සිද්ධියක් ඊයේ (27දා) වාර්තා විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මෙ නොහොත් ධර්මසිරි පෙරේරා නැමැත්තා ඩුබායි රටේ සැඟව සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 33 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇයගේ නමින් රුපියල් කෝටි හතර හමාරක මුදලක් තැන්පත්ව තිබූ බැංකු ගිණුම් අද (28) තහනමට ලක් කළ බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය විසින් ගනු ලැබූ තීරණ රාශියක ප්‍රතිඵලයක් ලෙස අධික ලෙස වැඩ කිරීමට සිදුවීමෙන් ගුවන් සමාගමේ නියමුවන් කම්පනයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණියකට අමානුෂික ආකාරයෙන් මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරෙන ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවය තම ගුවන් සේවා තුළ පවතින අධික ගුවන් නියමුවන්ගේ හිගයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට තමන්ගේ අවසරය පතා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා පැවසීය.

Read More

උතුරු නැගෙනහිර පළාත් වලින් සහ දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් කතරගම පෙරහරට පා ගමනින් හින්දු බැතිමතුන් සමග වෙනත් ආගම් අදහන්නන් 27209ක් කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුවෙන් 27දා සවස 03.00ට එය වසා දමනවිට ඇතුලුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය. එය 2022 වසරට වඩා 1629ක අඩුවීමකි.

Read More

සබරගමුවේ කසළ කළමනාකරණයට ජපානයේ සහාය ලබා ගැනීමට පියවර ගන්නා බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සඳහන් කළේය.

Read More

2014-2015 කාලයේ ලංකා සතොස ආයතනය හරහා සහල් ගෙන්වීම නිසා රු. බිලියන 6ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අණාවරණය විය.

Read More

පසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

Read More

එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙයි.

Read More

විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

’’අපිට හැමදාම හිඟන ජාතියක් වෙන්න බෑ, අපිට හැමදාම බංකොලොත් ජාතියක් වෙන්න බෑ. අපිටත් නම්බුවක් තියෙනවා. අපි ඒකත් හදාගෙන ඉදිරියට යන්න ඕන’’

Read More

නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍ර දේශයේදී නිවසක කාමරයක සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි නාවලපිටිය පොලීසිය කියයි.

Read More

ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සඳහා නෛතික විධි විධාන හඳුන්වාදීමට අවශ්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (SL-UDI) ක්‍රියාත්මක වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුරවැසියන්ගේ ජීව දත්ත තොරතුරු, ජෛවමිතික ලක්ෂණ (ඇඟිලි සලකුණු ලබා ගැනීම, මුහුණ, ඇස, කළු ඉංගිරියාව ඡායාරූපගත කිරීම) ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක්, මධ්‍ය පද්ධතියක් ලෙස ස්ථාපිත කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Read More

සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව ඇත.

Read More

සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.

Read More

මාසයක් ඇතුළත වෙඩි තැබීම් තුනක් සිදුවූ අම්බලන්ගොඩ නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබෙනු දක්නට ලැබේ.

Read More

කොත්මලේ බ්ලුම් ෆිල්ඩ් පෞද්ගලික වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දින තුනක් තිස්සේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරිම හේතුවෙන් ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට බාධා පැමිණ ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.