පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්රෑම් 7500ක් සමග බලගොල්ල අඹකොටේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද ඔත්තුවකට අනුව අද (11) පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය ආසන්නයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ නියාමකවරයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ එම හෙරෝයින් තොගය හමුව තිබේ .
සැකකාර බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පල්ලෙකැලේ පොලිසියට භාර දීමට නියමිතය .