කැළණිවැලි වතු සමාගම යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ වතු හතක සේවය කරන වතු කම්කරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර රැකියා අපෙක්ෂාවෙන් සිටි තරුණ තරුණියන් 60 දෙනෙකු එම වතු වල සහකාර ක්ෂේත්‍ර නිලධාරි තනතුරේ පුහුණුව ලබාදිමේ ලිපි ප්රදානය කිරිම එම වැවිලි සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ මහතාගේ ප්‍රධානත්වයෙන් (12) දින හැටන් දික්ඔය දරවල ඩි.එම්.සි.සි සමාජ ශාලාවේදි සිදු කෙරිණ.
එම තරුණ තරුණියන් 60 දෙනා වතු වල පුහුණුවට යොමු කිරිමට ප්‍රථම ජාතික වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ මාස 06 ක පෙර පුහුණුවක් ලබාදිමෙන් අනතුරුව (12) දින ඔවුන් පදිංචිව සිටින වතුවල වසරක කාලයක් සිය තනතුර සදහා පුහුණු විමට අදාල ලිපි ප්රදානය කරනු ලැබුහ.
පුහුණුව ලැබිමට තොරාගත් පිරිස අතර 80% ක් තරුණියන් වන අතර , 20% පිරිසක් තරුණයන් වන බවයි එම වතු සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
වතුකරයේ තරුණ තරුණියන් 60 දෙනෙකු සහකාර ක්ෂෙත්ර නිලධාරින් ලෙස පුහුණු කිරිමේ උත්සවයට කැළණිවැලි සමාගමේ උසස් නිලධාරින් රැසක් සහ වතු හතක සේවය කරන වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් විශාල පිරිසක් සහභාගි විය.
ලිපි ප්‍රදාන උත්සවයෙන් අනතුරුව තේ කර්මාන්තය වර්තමානයේ පැන නැගි ඇති ගැටළු මාධ්‍යට අදහස් දැක් වු රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ,
තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ තේ කර්මාන්තය ඉතා අසිරුවෙන් පවත්වාගෙන යන බවයි.
වතු කම්කරුවන්ගේ වැටුප් රු 1700/= දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වතු සමාගම්වල ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් තේ වතු සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලය සාකච්ඡා කලද , තේ කිලෝවක් නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ එම වැටුප් වැඩි කිරිම සිදු කල නොහැකි බවයි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි විය යුතු බවත්, එසේ වැඩි කිරිමට යම් සාධාරණ යෝජනාවක් මේ වන විට රජයට සහ වතු වෘත්තිය සමිති වලට යෝජනා කර ඇති බවත්, එම යෝජනාවලියට දෙපාර්ශවයම එකග වන්නේ නම් වතු කම්කරුවන්ය යෝජනා කර ඇති වැටුපට වඩා වැඩි වැටුපක් මසකට ලබා ගත හැකි බවද රොෂාන් රාජදොරේ මහතා වැඩිදුරටත් පැවසිය.