රජයේ ඉඩමක වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීමට රුපියල් 35000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් සබරගමුව පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිණීයට මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 32000/-ක දඩයකටද ඇය යටත් කළේය.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 35,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ මාස 24 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 10ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය..
රට මෙවැනි ආර්ථික අගාධයකට වැටීමට හේතූ වී ඇත්තේ රාජ්‍ය සේවකයින් අල්ලස් ලෙස මුදල් ලබා ගැනීමෙන් රජයට හිමිවිය යුතු මුල් ලබා ගැනීම නිසා යැයි පෙන්වා දුන් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ දිස්නා ගුරුගේ මහත්මිය අනෙකුත් රාජ්‍ය සේවකයින්ටද ආදර්ශයක් වන අන්දමට විත්තිකාරියට දඬුවම් පමණුවන්නැයි කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස දඬුවම් නියම කෙරිණී.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ සබරගමුව පළාත් සභාවේ තක්සේරු දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨ තක්සේරු නිලධාරිණීය වශයෙන් කටයුතු කළ ජේ. ප්‍රියදර්ශණී නමැත්තියටය.
සබරගමුව පළාත් සභාවේ තක්සේරු දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිණීය වශයෙන් කටයුතු කරමින් සිටියදී රාජකාරී කටයුත්තක් වන රජයේ ඉඩමක වටිනාකම තක්සේරු කර ගැනීමට පැමිණී පොලිස් නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටි පැමිණීලිකරුගෙන් අදාළ රජයේ ඉඩමේ වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීම සඳහා රුපියල් 35000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම ඇතු`ථ චෝදනා 08ක් යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකාරියට එහෙිව නඩු පවරා තිබිණී.
නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් චෝදනාවටට පාදක වු මෙම සිද්ධිය පිළළිබඳ තම සේවාදායිතකාව දැඩි ලෙස ප්රශ්චත්තාප වන්නේ යැයි කීය.
රජයේ රැකියාව අහිමි වීමම ඇයට හිමි වු දඬුවමකක් යැයි කී ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා තම සේවාදායිාවට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකාරියට දඬුවම් පැමිණ වු විනිසුරුවරයා රාජ්‍ය සේවකයින් තමන් හිමි නැති මුදල් ලබා ගැනීමට ගොස් වෘත්තීය අවංක භාවය අහිමි කර ගැනීමෙන් ජීවීත කාලයම පසුතැවීමට සිදුවන ආකාරයේ දඬුවම් වලට ලක් වීමට සිදුවනන්නේ යැයිද පෙන්වා දුන්නේය.