කුරියර් සේවාව හරහා මත්කුඩු ගෙන්වන ලද මත්කුඩු උතුර මැද පළාතේ මහා පරිමානයෙන් ජාවාරම් කල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ගේ පුත්‍රයෙකු වන සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු රුපියල් ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ ෆුඩ්සිටි , ගොඩනැගිලි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ අලෙවි ජාලයක හිමිකරුවෙකුගේ 32 හැව්රිදි පුත්‍රයා බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා සිදුකල රහසිගතව ආවේක්ෂණ රාජකාරි වලින් පසු සුවිසල් නිවස සහ ව්‍යාපාරික ස්ථාන වටලා කර පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ තිස් පහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිය පියාගේ ව්‍යාපාර ජලයට ගෙන්වන භාණ්ඩ සහ උපකාරන අතට සගවා මත්කුඩු කුරියර් සේවා ක්‍රමයට ගෙන්වා සිය නිවස තුල පැකට් කර සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් උතුර මැද පළාතා තුල බෙදාහැර ඇති බවද පොලිසිය කීය.
සැකකරු වෙනුවෙන් රැදවුම් නියෝග ලබාගෙන කැකිරාව පොලිසියේ රදවා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක අංශ නිළධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.
පානදුර සුමිත් පොතුපිටිය සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ