වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වැරදිකරුවන්ට දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
බන්ධනාගාරගතව සිර දඩුවම් විඳින රැඳවියන්ගේ දඩුවම් ලිහිල් කිරීමට අදාල නීති සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට ඊයේ (11) සහභාගී ඔහු මෙම අදහස් පල කළේය.
වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බවත් එම ක්‍රියාවලිය තුළින් බන්ධනාගාර තදබදයට විසදුමක් ලබාගතහැකි බවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සඳහන් කරන ලදී.
ජාවාරම් කරුවන් නොවන නමුත් මත් ද්‍රව්‍ය සඳහා වැරදි කරුවන් බවට පත්ව දීර්ඝ කාලීන දඩුවම් ලබාදී ඇති පුද්ගලයන්ගේ දඩුවම් ලිහිල් කල යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය මාර්ගොපදේශ කඩිනමින් සකස් කර අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දඩුවම් ලබාදීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට බලයක් නොමැති බැවින් නඩු තීන්දු ලබාදීමේදී පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමුකර ඉදිරි නඩු තීන්දු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කලයුතු බවයි.