පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකව සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි අද පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.
ඔහුට අමතරව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට වැඩි ඉඩක් පවතී. දසුන් මෙන්ස අවිශ්කද ජාත්‍යන්තර තරග වලදී දිගින් දිගටම අසාර්ථකවීම් පෙන්වයි.ඔවුන් වෙනුවට ණුවිනිදු ප්‍රනාන්දුට හා ෂෙවෝන් ඩැනියෙල්ට කණ්ඩායමේ ස්ථානය ලැබිමට වැඩි ඉඩක් පවතී.
මේ අතර තෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට නොමිලයේ අවස්ථාව දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.