සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කරක ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තිරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් දිගින් දිගටම අසාර්ථකවෙමින් සිටින ශ්රි ලංකා හිටපු නායක දසුන් ශානක වෙනුවට නවක ක්රීඩක ෂෙවොන් ඩැනියෙල් කණ්ඩායමට කැඳවා තිබේ.
ඒ අනුව අද දිනයේදී ෂෙවෝනට එක්දින වරම් හිමිවෙයි. එසේම ආබාධයකට ලක්ව සිටි වනිඳු හසරංගද මෙම තරගයට කැඳවා ඇති අතර ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩසේට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
ආරම්භක පිතිකරු අවිශ්ක ප්රනාන්දුට තවත් අවස්ථාවක් ලැබී තිබේ. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මේ වන විට තරග 1-0ක් ලෙස ශ්රී ලංකාව තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.
