මෙරට කෘෂිකර්මය පිලිබඳව පළකර ඇති කාලගුන අනාවැකි අනුව මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී උදාවිය හැකි එල්නිනෝ දරුණු නියං තත්වයක් නිසා පොල් වගාවට බරපතල හානි සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයට පවසයි.
මෙම නියං තත්වයෙන් පොල් වගාව රැක ගැනීම සඳහා අද සිටම වහා පියවර ගන්නා ලෙස එම මණ්ඩලය වගාකරුවන්ට දන්වා සිටියි.
ඒ අනුව එල්නිනෝ තත්වයෙන් පොල් වගාවන් බේරා ගැනීමට පොල් ගසේ මූල මන්ඩලය ආවරණය වන පරිදි වසුන් යෙදීම,නිරන්තර ජල සම්පාදනය ආදී තෙත සංරක්ෂණ ක්රම අද සිටම අරඹන ලෙසත් පැළ පොල් වගාව සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙසත් පොල් වගා කිරීමේ මණ්ඩලය උපදෙස් දෙයි.
මේ පිලිබඳව වැඩිදුර විස්තර දිවයින පුරා විසිරී සිටින ප්රාදේශීය පොල් සංවර්ධන නිළධාරි හමුවීමෙන් හෝ පොල් වගා කිරීමේ මන්ඩලය වෙතින් ලබා ගත හැකි බවද එම මන්ඩලය දැනුම් දෙයි.
ජේ.ඉඳුරුවගේ