saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3561 hours ago

LATEST

විමලසුරේන්ද්‍රට ජලය වැඩිවෙයි

calendar_today 2023 ජුලි 02 - 08:59 remove_red_eye - 340  

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භවි ඇත.

තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් ’’ සක්සුරින් ’’ 07/02 දින උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය .

Read More

ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය සංශෝධන සහිතව අද (01) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60 කින් සම්මත විය.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

සිගරැට් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව සිගරැට් කාණ්ඩ හතරක් යටතේ රුපියල් 5 කින්, 15කින්, 20කින් සහ 25කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Read More

සුරාබදු වැඩි කිරිමට සමගාමීව අරක්කු හා බීර මිලද වැඩි කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව විවිධ වර්ගවලට අයත් බීර බෝතලක මිල රුපියල් 300කින් ඉහළ නැංවෙනු ඇති අතර අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ඉහළ යාමට නියමිතය.

Read More

අද (01) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ජුනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට (Department of Government Information) ඊයේ (30දා) සයිබර් ප්‍රහාරයක් එල්ල විය. මේ අනුව එම ෆේස්බුක් පිටුව වෙත යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනාවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අද (30) හිමිවිය.

Read More

ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට අගෝස්තු මාසයේ දී යළිත් අවස්ථාව. ලිඛිත අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ජූලි 10වනදා තෙක් අවස්ථාව.

Read More

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීවිල් රථයක් අද 30 කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපි නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ තීරෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

කින්නියා පොලිස් වසමේ සුරංගල්, තඹලගමුව මාර්ගයේ රතු පාලම ආසන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනේ තිබූ බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 5ක් වන දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

ප්‍රියංකරගම, අධිරාණිගම ප්‍ර දේශයේ නිවසක තනිව ජීවත් වූ යුද හමුදා සෙබෙලෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 31ක් වන පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබෙලෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉඟිනියාගල, වාවින්න ප්‍ර දේශයේදී කොස් ගෙඩියක් කැඩීම සඳහා කොස් ගසකට නැගි පුද්ගලයෙක් කොස් ගසින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටි අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු සමඟ යුදහමුදාකපිතාන්වරයෙක් ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසිබර තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු විසින් යාබද ඉඩමේ තිබූ ඇහුලු බව පවසමින් පිස්තෝල ගිනි අවියක් සහ ජිව උණ්ඩ විසි හතරක් අඩංගු මැගසිනයක් මොරටුව පොලිසිය වෙත භාරදී ඇතැයි ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය’

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. මේ සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පත්කරනු ලැබ තිබේ.

Read More

මෙරටට ලැප්ටොප් පරිගණක ගෙන්වා බෙදාහැරීමේ කොල්ලුපිටිය මල් පාර ප්‍රධාන සමාගමකට රාත්‍රී කාලයේදී හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ නවයකට ආසන්න ලැප්ටොප් පරිගණක සොරාගත් වැඩ තහනමට ලක් වූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවට මේ වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ගියේය. ඒ මේ මාසයේදී මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 84000ක් පැමිණීමත් සමගිනි.

Read More

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ජුනි 30 වනදා පත්කිරීමට නියමිතව තිබේ මෙරට 19වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඔහු එම ධුරයේ වැඩභාර ගැනීමට නියමිතය.

Read More

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තරු හතර එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ඔහුගේ උසස්වීම අද (29දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි මුන්දලම පොලීසිය සඳහන් කරයි.

Read More

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මේ වසර අගදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අනාවැකි පළ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.