ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ නැංවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පරිභාහිර වෙනත් දෙයක් නොමැති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන බවත් 202 වසරේදී ගෝඨාභය රාජපක්ෂ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වන විට බන්දුල ගුණවර්ධන මහතා සිටියේ රෙදි ඇඳගෙනදැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
"දැන් බලන්න විශේෂයෙන්ම වැට් එක ගහල ප්ලැට් වෙලා තිබෙනවා අපේ රටේ. වැට් එක ගහල ප්ලැට් වුණ අපේ රටේ අද උදේ බන්දුල ගුණවර්ධන නැගිටලා කියනවා අයි එම් එෆ් ක්‍රමවේදය හැර වෙන ක්‍රමවේදයක් නැහැ කියල මහ බැංකු අධිපති කියනවා අපි එය අනුගමනය කළ යුතුයිලු. මරු කතාව.
බන්දුල මරු කතාව කියන්නේ. 2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුය අයි එම් එෆ් එක ලබා දුන් ඩොලර් මිලියන 100 එපා කියලා අයි එම් එෆ් වැඩපිළිවෙළින් ඉවතට යද්දි බන්දුල ගුණවර්ධන හිටියේ ඇදුම් ඇදගෙනනද. දැන් කියනවා අයි එම් එෆ් එක කියන විදිහට යන්න ඕනලු.
අපි තමයි මුලින් ම කිව්වේ අයි එම් එෆ් එකට යන්න කියා. හැබැයි හැම එකකම් අයි එම් එෆ් එකේ කරපිට දාලා මේ ආණ්ඩුව කරන්න පුලුවන් නින්දිත දේවල් කරනවා. අයි එම් එෆ් එක දෙන්නේ මම මේක රටේ ජනතාව කියනවා අයි එම් එෆ් පුලුල් රාමුව විතරයි. අයි එම් එෆ් එක කිය්නනැ වැට් වැඩි කරන්න කියලා. අයි එම් එෆ් කියන්නැ අරක වැඩි කරන්න මේක වැඩි කරන්න කියලා. එයාලා පුලුල් ඉලක්ක දෙනවා."