පොලිස් නිලධාරීන් බව පවසමින් පෞද්ගලික සම්බාහන ආයතනයකට ඇතුළුවී එම ස්ථානය පරීක්ෂා කර හිමිකරුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිදෙනෙකු අද (11)ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇල්පිටිය අටකොහොට නවදගල ලිපිනයේ පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයට ඊයේ (10) රාත්‍රි මෝටර් රථයකින් පැමිණි මෙම සිව්දෙනා ඇතුළුව එහි කාමර පරීක්ෂාකර බලා එහි හිමිකරු හෙරොයින් විකුණන බව පවසමින් තර්ජනය කර පිටවගොස් ඇති බවත්,මොවුන් බෙන්තර ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගිවී මෙසේ පැමිණ ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියට ලද දුරකථන පණිවුඩයක් මත රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම මෝටර් රථය 9කණුව ප්‍රදේශයේදී පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේ එක් අයෙකු පොලිසිය සමග බහින් බස්ව ඇති බවත් ඒ අතර එක් අයෙක් පලාගිය බවත් පොලිසිය පවසයි.පසුව ඉතිරි තිදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බීමත්ව සිටි බවද පොලිසිය කියයි.
සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අද පෙරවරුවේ මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (11) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.