saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3441 hours ago

LATEST

ජපන් විදෙස් ඇමති සමග 20ක් එති

calendar_today 2023 ජුලි 29 - 10:25 remove_red_eye - 387  

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

බොරැල්ල පොලීසිය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කෙරේ‍. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයෝ සාකච්ඡා කරති.

Read More

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

මියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරතුර භාර දෙන ලදී.

Read More

මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.

Read More

යුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023.07.31 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

එසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read More

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ’’ බැගට් ’’ ( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාලයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා අද (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත අඩුවී විකල්පයක් කෙරෙහි ජනතාවගේ කැමැත්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Read More

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ආයතනියක අභ්‍යන්තර සමාලෝචනයට අනුව පේරදෙණිය විශ්ව විද්‍යාලය ඒ ශ්‍රේණියේ ගණයට පැමිණ තිබේ .

Read More

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමුවූ මිනිස් අස්ථි කොටසු හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකොට හමුවූ අස්ථි කොටස් පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (28) දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.

Read More

අපේ ආර්ථික වර්ධනය සෘණ 3.5 යි. 2048 වනවිට මේ රට සංවර්ධනය කරනවා කියල ජනාධිපතිවරයා පවසා තිබෙනවා. එතනට යන්න නම් අවුරුද්දකට සියයට 6.5 කින් පමණ මේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. නමුත්, අපි මෙතනට යන්න නම් තමිල්නාඩු ප්‍රාන්තය වගේ ලෝකය සමග එකට එකතු වෙන්න ඕන

Read More

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ඇතුළු 62 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

රුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊ‍යේ (26දා) සවස අත් අඩංගුවට ගෙන ඇති බව එහි උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද 27 උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.

Read More

මැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකරන උප පොලිස් පරීක්ෂකවරියකගේ සේවය මූලික විමර්ශනයකට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්කිරීමට මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා විසින් පියවරගෙන ඇත.

Read More

ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් පමණ ගෙන්වීමට යෝජනා කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවැසීය.

Read More

විදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කොට්ටේ මහ නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයයෙකු අගෝස්තු මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පැය කිහිපයක කෙටි සංචාරයක් සඳහා හෙට (28දා) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පැපුවා නිව්ගිනියාවේ සිට ආපසු ප්‍රංශය බලා යනවිට මෙසේ කටුනායකට පැමිණීමට නියමිතව තිබේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා එය පවත්වාගෙන ගිය කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අඩංගුවටගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති දීමනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ සේවාවන්ට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ලබාදීමට නම් ඔවුන් සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්යය බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර සටහනක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙකු පැවසීය.

Read More

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

Read More

පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇතැයි දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඊයේ 26 වැඩිදුරටත් නියම කළේය.

Read More

අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් ඊයේ (26) පස්වරුවේදී ගැටී සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ගැටුමට සම්බන්ධ යයි සැකකෙරෙන සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කඩුලු 5ට ලකුණු 576ක් රැස්කරමින් ඉනිම අත්හිටුවිය.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට ආණ්ඩුව මේ වන විටත් තීරණය කර ඇති බවත් එයට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. මේ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් අද දිනයේදී පැහැදිලි කිරිමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.