අඹේපුස්ස - කුරුණෑගල මාර්ගයේ තුල්හිරියේදී කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව 11ක් තුවාල ලබා තිබේ.
ඊනියා අරගලකරුවන් හා කුමන්ත්රණකරුවන් එකතුවී විනාශයට ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමාස කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වන විට ඌව පළාතේ වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගා දෙකක් වන මහවැලි ගඟේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්රයෙන් පහත වැටී පතුල පෑදෙමින් තිබේ.
Read Moreබදුල්ල නාරංගල කදුවැටියේ ඉකුත් 28 සහ 29 යන දින දෙකක් තුල සිදුවු ගිනි තැබිම් වලින් පරිසරයට විශාල හානියක් සිදුව ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිමේෂා වනසිංහ මහත්මිය පැවසීය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණනය කිරීමේදී ලීටරයක පිිරිවැයෙන් සියයට 4ක ලාභයක් තබා ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
Read Moreඅමාත්‍යාංශ දෙකක ආයතන දෙකක් තමන් අමාත්‍යධුරය දරණ මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමෙරට ඉන්ධන වෙළඳපොළට අලුතෙන්ම ඇතුළත්වීමට නියමිත චීනයේ සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මේ වන විට ගොඩ බෑම ආරම්භ කර ඇති බවත් එහි දෙවැනි ඉන්ධන තොගය හෙට දිනයේදී පැමිණිමට නියමිත බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.
Read Moreතලවකැලේ, ග්‍රේට්වෙස්ටන් කඳු මුුදුනේ තිබි නාඳුනන තරුණ කාන්තා මළසිරුරක් අද (01) සවස සොයා ගත්බව තලවකැලේ පොලීසිය පවසයි.
Read More2022ට සාපේක්ෂව මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 205% ක වර්ධනයක්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට World Travel Awards අවසන් තරගය ලංකාවේ පැවැත්වීමට අවධානය. සංචාරක ව්‍යාපාරය නංවාලීමට රාත්‍රිය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමවේදයක් (Night Economy)
Read Moreආණ්ඩුව පෙට්‍රල් මිල ඉහළ දැමීමට කටයුතු කළද, ජනතාව ගැන සිතා ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට කටයුතු නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.
Read Moreජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Kozo) මහතා ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read Moreඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
Read Moreඔස්ට්‍රේලියානු රජයෙන් ලැබුණු ලක්ෂ 500ක ණය ආධාරයක් යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලබා ගත් සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා ස්ථාපිත කළ මොටා මයිසර් යන්ත්‍රය මේ වන විට සුදු අලියකු බවට පත්ව ඇති බවත්, ලක්ෂ 65 අධික විදුලි බිලක් ඒ සඳහා මේ වන විට ගෙවා ඇති බවත් එය සවිකිර කිරීම සඳහා ලක්ෂ 100ක පමණ මුදලක් වැය වුවද එය දැනට අකර්මන්‍ය තත්ත්වයේ පවතින බව අනුරාධපුර රෝහලේ ප්රගතිශීලී සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
Read Moreදේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreක්‍රීඩා පනතට අනුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එවන් අවසරයක් ලබා නොගෙන මෙම තරගාවලිය පැවැත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කළු පැල්ලමක් බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreමස්කෙලිය ප්‍රදේශයේ පාසල් දැරියක් කිලෝමිටර් දෙකක දුරක් විනාඩි 14 කින් පාගමනින් ගොස් වාර්තාවක් තැබිමට (31) දින සමත්විය.
Read Moreමිහින්තලේ මහකනදරාව වැව් රක්ෂිතය ආසන්නයේ ’පොතාන’ ප්‍රදේශයේ දී ඊයේ (31දා) ඇතින්නියන් දෙදෙනෙකු දැඩි සටනක නිරත වූ බව ගම්වාසීහු පවසති. මෙම ද්වන්ධ සටන පැය දෙකකට අධික කාලයක් පැවති බව යම ගම්වාසීහු පැවසූහ.
Read Moreවාද්දුව මැස්ටිය ගඟේ නීති විරෝධී මත්පැන් වැටලීම් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට සර්පයකු දෂ්ට කිරීමෙන් රෝහල් ගතකර ඇතැයි පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.
Read Moreවව්නියාව බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් වූ සරම්ප රෝගයට සමාන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට පමණ තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර වව්නියාව බන්ධනාගාර නියාමක නිලධාරීන් පවසති.
Read Moreඅස්වැසුම සමාජ සුබ සාධන ප්රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසට අවශ්‍ය බැංකු ගිණුම් ආරම්භ කිරිම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreදැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඇතැම් ඉන්ධන වල මිල ගණන් ඉහළ දමා ඇති අතර තවත් ඉන්ධන වර්ග වල මිල අඩුකර තිබේ.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මාස ගණනාවකට පසුව නැවතත් උද්ධමනය තනි ඉලක්කමකට පැමිණ තිබේ.
Read Moreකුකුළු මස් හා මිල ගණන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ඉතා ඉහළ මට්මටක පැවැතීම නිසා පසුගිය ජූලි 27 වනදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට එකඟ වූ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඋඩරට ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.
Read Moreබාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත්, මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන එන බවත්, බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත් නිපදවන්නේ නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreලෝකයේ පුද්ගලයකු මේ වන විට සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්, එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන කරන බව ගෝලීය දත්ත අනුව හෙලිවෙයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමට තැත් කළ ලාංකික තරුණයන් 05 දෙනෙකු අද (31දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ගුවන් යානයට පිවිසෙන අවසාන ගේට්ටුවේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ මහජන බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය සඳහන් කරයි.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකරන ලදී.
Read More