දේශපාලනඥයෙකුගේ සහාය ලබා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදි රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් ඔහු සන්තකයේ තිබුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩු පෙරළීමට පවා සමාජ මාධ්‍ය භාවිත කරන බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම මාධ්‍ය නිසියාකාරව භාවිත කරන කිසිවෙකුට ඔන්ලයින් පනත හරහා ගැටලුවක් නොවන බවද වැඩිදුරටත් පැවැසීය.ද, පොලිස්පතිතුමාට, ඔය ඔක්කෝටම මඩ ගහන්න සමාජ මධ්‍ය ජාල පාචිච්චි කරනවා. ඒක හින්දා තමයි අපි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ. ආණ්ඩු පෙරළන්න වුණත් පාචිච්චි කරන්නේ මේ සමාජ මාධ්‍ය. මම අද කියන්නේ.... මේ පනතs