අල්ලස් කොමිෂමට අධ්යක්ෂ ජෙනරාල්වරයෙක් සොයයි
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධ්යක්ෂ ජෙනරාල්වරයෙකු පත් කිරීම සඳහා නිර්දේශ කිරීමට සුදුස්සෙකු තෝරා ගැනීම වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් මාර්තු 04 දා දක්වා අයදුම්පත් කැඳවා තිබේ.
අපරාධ නඩු කටයුතු පිළිබඳව අවම වශයෙන් වසර 15 ක පළපුරුද්දක් ඇති නීතිඥයන් වන , අපරාධමය වරදක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු නොවන , දේශපාලනමය තනතුරු නොදරණ ,වයස අවුරුදු 55 නොඉක්මවූ යහපත් ශාරිරික හා මානසික තත්වයක් ඇති ශ්‍රී ලාංකික කීර්තිමත් පුරවැසියන් වීම ඉල්ලුම්කරුවන් තිබිය යුතු සුදුසුකම් කිහිපයකි.
මේ සඳහා අදාළ අයදුම්පත්‍ර ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) සඳහන් වෙන බව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා ව්මර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම සිදුකරයි.
ජේ.ඉඳුරුවගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

