බූස්සෙන් ජංගම දුරකථන සහ උපාංග සොයා ගනී
- 11 02 2024
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඒ හා ඩි වාට්ටු වල පොලව හාරා සූක්ෂම ලෙස 
ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි

ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි ස්මාර්ට් ජංගම දුරකථන 01 ක්, කුඩා ප්‍රමානයේ ජංගම දුරකථන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් හා හෑන්ඩ් ෆ්‍රී 01 ක් එහි තිබී සොයාගෙන ඇත
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙවන පෙළ ජේලර් ගිම්හාන, බන්ධනාගාර නියාමක මෙන්ඩිස් හා බන්ධනාගාර නියාමක ජයසුන්දර මහත්වරුන් වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.බඩ්.වී. නිමල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

