මෙවර සති අන්ත නිවාඩුවට නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ශ්රීපාදස්ථානය බලා ලක්ෂයකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත විජේසේකර මහතා පැවසීය.
සිකුරාදා (09) පස්වරුවේ සිට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයේ ශ්රීපාද මළුවේ සිට රතු අම්ඹලම ප්රදේශය දක්වා දැඩි තදබදයක් පැවති බවත්, තමන්ට පැය ගණනක් එකම ස්ථානයක රැඳී සිටීමට සිදුවුණ බවත් වන්දනාකරුවෝ පැවසූහ.
වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථ ගාල් කිරීමට නල්ලතන්නිය නඟරයේ පිහිටි ප්රාදේශිය සභාවේ හා පෞද්ගලික රථ ගාල් ප්රමාණවත් නොවීම හේතුවෙන් නල්ලතන්නිය-මස්කෙළිය ප්රධාන මාර්ගයේ කිලෝ මීටර් 04 ක් පමණ දුරට ලක්ෂපාන ප්රදේශය දක්වා මාර්ගය දෙපස බස් රථ ගාල් කර තිබූණි.
මස්කෙළිය- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක