ඉදිරි වර්ෂ කීපය තුළ ජාත්‍යන්තර ඉල්ලුමට සාපේක්ෂව දේශීය පුවක් සැපයුම ඉහළ නැංවීමේ අරමුණින් මෙම වර්ෂයේදී පුවක් පැළ මිලියනයක් රෝපණය කිරීමට සූදානම් කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය පැවසීය.
දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවාන් මගින් වානිජ මට්ටමින් වගාකරුවන් සඳහා සහන මිලක් යටතේද රජයේ පාසල් ඇතුළු රාජ්‍ය ආයතන භූමිවල සිටුවීම සඳහා සීමිත ප්‍රමාණයක් නොමිලේද මෙම පැළ නිකුත් කරන බව අධ්යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
ජේ. ඉදුරුවගේ