දැන් අපේ සංචිත ඩොලර් මිලියන 4500ක් තියෙනවා කියලා ජනාධිපතිතුමන් ආඩම්බරයෙන් කිව්වා. 2022 සහ 2023 වසරේත් මේ වසරේ පලමු මාසයත් ඇතුලත ඩොලර් මිලියන 11 000ක ණය ගෙවීම නතර කර තියෙනවා යයි උදය ගම්මන්පිල මහතා පාර් ලිමේන්තුව අමතමින් (08දින) ප්රකාශකර සිටිනවා. තවදුරටත් අදහස් දැක්වූ ඔහු
අපි මේ ණය ගෙවීම ආරම්භ කරන්න වෙනවා. බංකොලොත් වුනාට පස්සේවත් අපි ණය ගැනීම අඩු වුනාද? ණය ගැනීම නතරවුනෙත් නෑ. අඩුවුනෙත් නෑ. අපි බංකොලොත් භාවය ප්රකාශකරද්දී අපේ සමස්ථ ණය රුපියල් බිලියණ 24, 000ක්. 2023 දෙසැම්බර් 31 වන විට අපේ සමස්ථ ණය රුපියල් බිලියන 29, 000ක්. බංකොලොත් මාස 20ට බිලියණ 5000ක් අපේ ණය වැඩි වෙලා. සෑම දිනකම රුපියල් බිලියන 8කින් අපේ රටේ ණය බර වැඩිවෙනවා. බිලියන 24 000ක් ගෙවන්න බැරිව බංකොලොත් කිව්ව අපි රුපියල් බිලියන 29, 000ක් ගෙවන්නේ කොහොමද?
ඉන්ද්රමූර්ති ජයසූරිය