උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියයන් නිතරම පීලි පැනීමට ලක් වීම සහ බොහෝ අවස්ථාවල දුම්රියයන් ප්රමාද වී ධාවනය වීම් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වඩුවේල් සුරේෂ් මහතා පැවසීය.
ඊයේ 09 බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය පැය පහකට අධික කාලයක් බදුල්ලෙන් ප්රමාද වීම සහ ඉතා මන්දගාමීව දුම්රිය ධාවනය වීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූ බවත් සිදුවූ අපහසුතාවය පිළිබඳව මගීහු පිරිසක් තමාට දැන්වූ බවත් වඩුවේල් සුරේෂ් මහතා පැවසීය.
මේ පිළිබඳව සොයා බැලීමේදී මේ වර්ෂය තුළදී පමණක් දුම්රිය පීලි පැනීම් හතකට වඩා අධික ප්රමාණයක් සිදුවී ඇති බවට අනාවරණය වූ බවද ඒ මහතා පැවසීය.
ඊයේ (09) උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදි පිළිපැනීමට ලක්ව අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද දහය උදෑසන සිට යථා තත්ත්වයට පත්වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වූ භාණ්ඩ ප්රවාහන දුම්රියක ඇන්ජිම කොටස වටවල හා රොසැල්ල අතරදී පීළිපැන ඊයේ මෙම මාර්ගය අවහිර වී තිබුණි.
කෙසේ වෙතත් දෙපසින් හරවා දුම්රිය ධාවනය කර මගීන් සඳහා ප්රවාහන පහසුකම් සලසාදී තිබුණි.