ඔක්කම්පිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉකුත් (08) වෙනිදා ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ පො.කො 105479 කරුණාරත්න නැමති අයෙකි. පෙබරවාරි 09 වෙනි දිනට නියමිත පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට සහභාගී වන පොලිස් සැරයන්වරයෙකු ඔහුට අයත් ටී 56 ගිනිඅවිය බැරක්කයේදී පිරිසිදුකරමින් සිටියදී ගිනිඅවිය පත්තුවී අසල ඇඳක නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයාගේ උකුළුඇටය ප්රදේශයට වෙඩි වැදී ඇත.
ඔහුගේ තත්වය බරපතළ නොවන බව මොනරාගල රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි. ඔක්කම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනිසිරි ගුණතිලක