බදුල්ල තල්දෙන ඇළේ ජලයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මල සිරුරක් 31 දින දවල් සොයාගත් බව පොලිසිය කියයි.
2021 වසරේදී සංචාරක ප්‍රවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අදාළ ආයතන 15කින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාගත්තා. මෙම ව්‍යාපෘතිය ලංකාවට ලැබීමට සමගාමීව නේපාලයට සහ ඩොමිනිකා රාජ්‍යයටත් ලැබුණා. ඩොමිනිකා රාජ්‍යයට ලැබුණේ ඩොලර් මිලියන 200ක ව්‍යාපෘතියක්. අපේ රටට ලැබී තිබුණේ ඩොලර් මිලියන 65ක ව්‍යාපෘතියක්. නමුත් අප තවම මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී නැහැ. නේපාලය දැන් ව්‍යාපෘතිය ආරම්භ කර එහි වැඩ කටයුතු කරගෙන යන අතර
Read Moreලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අවධාරණය කළේය.
Read Moreඉන්ධන පිරවුමිහල් 101 ක් ඉන්ධන තොග පවතාවාගෙන නොයාම නිසා රජයට පවර ගැනිමට උපදෙස් ලබාදුන් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසිශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතර ආසන සමිමෙිලනය ඊයේ (30දා) මාතරදි අමතමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreවතුකරයේ ජනතාවටත් (31) දින සිට හැටන් සතොස ශාඛාව හරහා රු 35 ට ආනයනික බිත්තර මිල දි ගත හැකි බව හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසිය.
Read Moreහොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකු ට පහරදීම හේතුවෙන් රජරට ප්‍රාදේශීකයේ ලංගම ඩිපෝ 7 අද දිනයේ ධාවනයෙන් ඉවත්ව ඇති බවත් මේ වන විට රජරට ප්‍රාදේශිකය තුළ බස් රට 400 හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බව කහටගස්දිගිලිය ඩිපෝව කළමනාකාර මහින්ද කුමාර විජය බණ්ඩාර මහතා පවසයි.
Read Moreසත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් තොග යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ.
Read More2023 වසරේ පළමු මාස හත තුළ සංචාරක පැමිණීම් දැනටමත් 2022 මුළු වසර සඳහාම වාර්තා වූ මුළු සංචාරක පැමිණීම් ඉක්මවා ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරයේ තාවකාලික දත්ත පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි 1 සිට ජූලි 27 දක්වා කාලය තුළ සංචාරක පැමිණීම 2022 වසරේ සමස්ත සංචාරක පැමිණිම්වලට වඩා සියයට 4ක ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව එම දත්ත පෙන්වා දෙයි.
Read Moreසමනල වැව හා උඩවළවේ ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී ඇතුළු අනෙකුත් බෝග සහ විදුලි බල නිෂ්පාදනය අඩාළ වීම අනුව ඉදිරි සතියක කාලය තුළදී සමස්තයක් ලෙස රු.බිලියන 30ක පමණ අලාභයක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreමත් කුඩු චෝදනාවට මහාධිකරණයෙන් සැමියා බන්ධනාගාරගත කර සිටියදී වසර එක හමාරක පිරිමි දරුවා ඇකේ තබාගෙන හොරයින් මත්කුඩු ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
Read Moreජාතික ඩෙංගු මර්දන ඒකකය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකු සේවයේ නිරතව සිටි අතර මේ වන විට අනුප්‍රාප්තිකයින් නොමැතිව ඔවුන් වෙනත් ස්ථානවලට මුදාහැර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreදකුණු පළාත තුළ මහා පරිමාණයෙන් මත් කුඩු ජාවාරමේ නිරත වු බව කියන “කූඩුමුවා” හා “ඕලුමුවා” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පිය-පුතු දෙදෙනෙකු හෙරෝයින් මත්කුඩු සමග තංගල්ල කුඩාවැල්ලේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාෂ දූෂණ මර්ධන ඒකකය පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කුවේට් රාජ්‍යයේ, මධ්‍යම බන්ධනාගාරයේ දී ඉකුත් 27දා මරණ දණ්ඩනයට නියම වූ ශ්‍රී ලාංකිකයා ප්‍රියංකරගම පොලිස් වසමේ පුද්ගලයෙකු බවත්, ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට ඥාතීන් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ප්‍රියංකර ගම පොලීසිය පවසයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තාවේ.
Read Moreතම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපලකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.
Read Moreකෙසෙල්වත්ත පොලිස්වසමේ මාටිස් ලේන් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන්දෙදෙනෙකු විසින් මාර්ගය අසළ රැඳී සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreදැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඅද පෙරවරු 8.30 වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තොරතුරු හෙළි කළේය.
Read Moreලබන මාසයට අදාළව සිදුකිරිමට නියමිත ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන හල් 162ක් පමණ සියයට 50ක තොගය පවත්වාගෙන යාමට කටයුතු කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreරිදීමාලියද්ද යකහල්පොත ගම්මානයේ කාන්තාවක ඝාතනය කර වැසිකිළි වගකට දමා ඝාතනයක් වසංකල බවට සැකපිට වසර දෙක හමාරකය පසු 29 දින පිය පුතු දෙපලක් අත් අත් අඩංගුවට ගත් බව පොලිසියි කියයි, 2021 වසරේ පෙබරවාරි මාසයේ දිනක රාත්‍රි කාලයේදි තම බිරිදට සිදු කල පහරදීමකින් අනතුරුව ඇය මරණයට පත්වීමෙන් පසු පුත්‍රයා සමග එක්ව බිරිද වැසිකිළි වලකට දමා මිහිදන් කල බව කියමින් මරණයට පත්වු කාන්තාගේ ස්වාමියා පොලිසියට පාපෝච්චාරණය කර තිබේ,
Read Moreගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනෙකු ඉකුත් 28 වෙනි සිට අතුරුදහන් බවට පැමිණිලි ලැබී ඇති බව ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන සදහන් කරයි.
Read Moreරාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාර බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ සොරාගත් මාලිගාවත්ත ’’ඩිමෙල් වත්ත කළු ’’නැමැත්තා හා සොර බඩු මිලදී ගත් කියන මාලිගාවත්ත ආර් බි වත්තේ ’’උක්ඔයිල් ’’නැමැති සංවිධානාත්මක අපරාධකරුද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි
Read Moreවවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (29) දින සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.
Read Moreඉන්දීය සම්භවයක් ඇති උඩරට කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම, උඩරට වතුකරයේ අධ්‍යාපන කටයුතු හා ධීවර ගැටළු සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පියවර ගනු ලැබීය.
Read Moreපාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කරනු ලැබීය.
Read Moreරටේ කුමන තත්ත්වයක් පැවතියත් තමා රට හැර නොයන බවත් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේදැයි කියා සිතා ගැනීමට නොහැකි ආකාරයට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛතීපාල සිරිසේන මහතා ඊයේ (29) පස්වරුවේදී මීටියාගොඩදී කීවේය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ. ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැපවීම අවධාරණය කෙරේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනපතිගේ ඇගයීමට. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරීමට අවධානය.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreසුදු පාලන සමයේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන මහජනතාවට සිය බලය පෙන්වීම් සඳහා සැලසුම් කරන මා ර් ග පෙළපාලි සහ උත්තමාචාර පෙළපාලිය 29 දින දඹුල්ල පොලිස් ඉතිහාසයේ පළමු වතාවට 29 දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි
Read More