මගි ප්රවාහන දුම්රියක් පිලි පැනීීමෙන්උඩරට දුම්රිය ගමනයට බාධා
නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වු 779 මගි සහ භාණ්ඩ ප්රවාහන දුම්රිය පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
උඩරට දුම්රිය මාර්ගයේ ඉහල වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 102 සැතපුම් කණුව අසලදි (09) දින පස්වරු 5 ට පමණ එම දුම්රියේ එන්ජිම සහ මැදිරියක් පිලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
පිලි පැනිමට ලක් වු දුම්රිය පිලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කර එතැන් සිට දුම්රියන් දෙකෙහි මගින්ව දුම්රියන් වලට මාරු කර සිය ගමනාන්තය දක්වා යොමු කරන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
දුම්රිය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

