සම්භාහනයක් සිදු කරන අතරතුර ලිංගික අපයෝජනයක් කළ බව කියන ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන 39 හැවිරිදි කාන්තාවකගේ පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයා ඊයේ (11දා) පස්වරුවේ පොලීසියට බාර වී තිබේ.
වෙලම්බඩ ප්‍රදේශයේ හෝටලයක නාවාතැන් ගෙන සිටිය දී ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන මාධ්‍යවේදිනිය ඇගේ පවුලේ සමාජිකයින් සමඟ පසුගිය 06 වැනිදා සිට 09 වැනි දින දක්වා අදාළ හෝටලයේ නවාතැන්ගෙන ඇත.
මාර්ගගත ක්‍රමය ඔස්සේ තමන් ට සම්භාහනයක් කර ගැනීමට අවශ්‍යය බව දැනුම් දීමෙන් පසු සම්බන්ධ කරගත් මෙම සැකකරු හෝටලයට පැමිණ සම්භාහන කටයුතු සිදුකළ බවත් එම අවස්ථාවේ ඔහු තමන්ට ලිංගික අතවරයක් කළ බවත් විදේශීය කත පොලීසියට පවසා තිබේ.
සම්භාහන කටයුතු සඳහා පැමිණ තිබෙන පුද්ගලයා වාද්දුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුපොලීසියට බාර වීමෙන් පසු තමන් එවැනි අපයෝජනයක් සිදු නොකළ බව ප්‍රකාශ කර ඇත.
පැමිණිල්ල කළ කාන්තාව වෛද්‍යරයෙකු වෙත හෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි බව ලිඛිතව වෙළම්බොඩ පොලීසියට දැනුම් දී තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.