සෞඛ්‍ය සේවකයන්ට රුපියල් තිස්පන්දහසක දීමනාවක් ලබා ගැනීමට අදාළව බලධාරීන් සමග ඊයේ(12දා) පැවැති සාකච්ඡා අසර්ථක වීම නිසා අද(13) උදෑසන 6.30 සිට හෙද පරිපූරක අතුරු වෙද්‍ය සේවා හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියා මාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන සඳහන් කරයි.
මෙම ක්‍රියා මාර්ගය ගැටළු විසදන තෙක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවකයින්ගේ මෙම ඉල්ලිම් සලකා බලා අවශ්‍ය කටයුතු කිරිම සදහා මුදල් අමතාංශය විසින් කමිටුවක් පත් කර තිබු බවත් මෙම කමිටුවේ නියොජිතයින් සමග ඊයේ(12) සාකච්ඡා කල බවද එම සන්ධානයේ කැදවුම්කරු රවිකුමුදේශ් මහතා සදහන් කලේය
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආර්ථික යුක්තිය ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් බලයක් මෙම කමිටුවට නොමැති බව පෙනී යන බවත්, මේ නිසා ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72 ක් එකාබද්ධ වී මෙම වැඩවර්ජනය සිදුකරන බවත්, ළමා හා කාන්තා රෝහල්, පිළිකා හා වකුගඩු රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළද වැඩ වර්ජන ක්‍රියා මාර්ග සිදුනොකරන බවත්, අනෙකුත් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන බවද ඒ මහතා පැවසීය.
වැඩ වර්ජනය ක්‍රියාත්මක වන රෝහල් තුළ සීටී පරීක්ෂණ, MRI ස්කෑන් පරීක්ෂණ, සියලු විකිරණ පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම, ඖෂධ බෙදා හැරීම, භෞත චිකිත්සක සේවා, රෝග නිවාරණ සේවා, එන්නත්කරණ සහ මාතෘ හා ළමා සායන ඇතුළු සියලු සෞඛ්‍ය සේවා බිඳ වැටීය හැකි බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන සඳහන් කරයි.
මෙම ගැටලුව මුල්කර ගනිමින් හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයෝ ඉකුත් 01 හා 02 දිනවල වැඩවර්ජන කළහ.