මග්ගොන ප්‍රදේශයේ දී පුද්ගලයකු දුම්රියක ගැටී පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ 13 උදෑසන දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පැවතී බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය .
මේ හේතුවෙන් රුහුණු කුමාරී සහ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියන් විනාඩි 35 සහ 30 බැගින් ප්‍රමාදවී ධාවනයවූ බව සදහන් වේ.
මියගොස් ඇති පුද්ගලයා ගාල්ල සිට ගල්කිස්ස බලා ධාවනයවූ 8319 දරණ මන්දගාමී දුම්රියේ ගැටෙන්නට ඇති බවට සැක පලකරන බව දුම්රිය ආරංචි මාර්ග සදහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාවය මේ වනවිටත් තහවුරු කරගෙන නොතිබූ බව පොලිසිය කීය.
මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලට භාරදී ඇති අතර, පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය