ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියත් එයට සාර්ථකව මුහුණ දී අති විශිෂ්ඨ ජයග්රහණයක් කරා අප පක්ෂය ගෙනි යන්නේ යැයිද ජනාධිපතිවරණයට දින නියම වූ විට අපේක්ෂකයා තීරණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ ඊයේ ( 12 වැනිදා ) පස්වරුවේ බියගම , සියඹලාපේ හන්දියේ පිහිටි රොනායා හෝටල් පරිශ්රයේ පැවති සද්ජන රළ බියගම නියෝජිත හමුව අමතා කතා කරමිනි.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ බියගම ආසන සංවිධායක හා කැඳවුම්කරු බියගම පාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා විසින් මෙය සංවිධානය කරනු ලැබීය.
"මේ වසර මැතිවරණ වසරක් වෙනවා. කුමන මැතිවරණය පැවැත්වුවත් එයින් අති විශිෂ්ඨ ජයග්රහණය කරා පක්ෂය ගෙනි යනවා. ජනාධිපතිවරණයට දින නියම වුනාම අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරනවා. එතෙක් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට පාක්ෂිකයින් ඇපකැප වී කටයුතු කරන ලෙසට මා ඉල්ලා සිටිනවා."
මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ , බියගම පත්මසිරි රණතුංග හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති