බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී නව හැව්රිදි දැරියක මඩ වගුරක ගිල්වා ඝාතනය කල විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු පානදුර මහාධිකරණ විනිසුරු විසින් චූදිතටවසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් අද (13) නියම කලේය.
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නමැති පුද්ගලයකුට මෙසේ සිරදඩුවම් නියමවිය.
එකී දඩුවමට අමතරව දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කර තිබේ.
එකී වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර හයහමාරක ලිහිල් සිරදඩුවම්ද නියම කර ඇත.
2022 මැයි මස 27 හෝ ඊට ආසන්න දිනක නිවස ආසන්නයේ වෙළද සැලකට ගොස් සිටියදී ඇයව රවටා පැහරගෙන ගොස් අවට ලදු කැලෑවක මඩ වගුරක ඔබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනා යටතේ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය