පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් ගොවිපොළේ සිටි කිලෝ පනහකට ආසන්න බරකින් යුත් ඌරෙකු සොරකම් කොට මරා මස් කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපළේ කළමනාකරු විසින් පේරාදෙණිය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකොට උඩ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු එම ඌරාගේ බවට සැක මස් කිලෝ පහක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ .
උඩපේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි එම ගොවිපළේ සිටි රුපියල් 50,000 ක් පමණ වටිනා එම ඌරා රාත්‍රී කාලයේ ගොවිපළ තුළදීම මරා රැගෙන ගොස් මස් අලෙවි කොට ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ෂේන් සෙනෙවිරත්න