පිටකොටුව පොලිසියට වට කර පහර දුන් කාන්තාවන් මරදාන පොලිසියෙන් අත්අඩංගුවට
- 13 02 2024
- 13:48
- {{hitsCtrl.values.hits}} views
- බිමල් ශ්‍යාමන්
පිටකොටුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් ඇතුළු එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයිමත්ද්රව්ය ජාවාරම්කාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 600 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇතසැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ උප පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා නාරහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත්ව ඇතඊට මඳ වේලාවකට පෙර හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකු එම කලබලය මැද පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් ඇත
පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු පිටකොටුව බැස්ටියන් මාවතේදී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත ඔහුට මත්කුඩු සැපයූ ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන ලොකට් ලේන් ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම කලබලය වි ඇතැයි පොලිසිය සඳහන් කරයිජාවාරම්කාරිය හොරයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන කැබ් රථයට නන්වා ගැනීමට සූදානම් වීමේදී එම ජාවාරම්කාරිය ආවේගශීලීව කෑ ගසමින් භූමිතෙල් තබාගෙන ගිනි තබා ගන්නා බවට තර්ජනය කිරීමත් සමඟම පොලිස් නිලධාරීන් පිරිස වටකර ගත් ජාවාරම්කාරියගේ ඥාතීන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කෑ කෝ ගසමින් ඔවුන්ට පහර දී සැකකාරිය මුදා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබූ බව පොලිසිය කියයිඑහිදී එම පොලිස් නිලධාරීන් මරදාන පොලිසියෙන් ආධාර ඉල්ලා පොලිස් පණිවිඩයක් නිකුත් කිරීමත් සමගම වහාම ක්‍රියාත්මක මරදාන පොලිසියේ අමතර පොලිස් කණ්ඩායමක් විනාඩි කිහිපයක් තුළදී එම ස්ථානයට ගොස් මරදාන පොලිසියේ නිලධාරීන් වට කරගෙන සිටි පිරිස විසුරවා හැර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහර දුන් කාන්තාවන් තිදෙනෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියද අත්අඩංගුවට ගෙන මරදාන පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබිණිසැකකාරියන්ගේ පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරයාගේ නාසය ප්‍රදේශයට මෙන්ම කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයිඅත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයමරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

