යුක්තිය මෙහෙයුම නවත්වන ලෙසට තුන් හතර දෙනෙකු කෑ ගැසුවද මහා සංඝරත්නයේ සහ, රටේ ජනතාවගෙන් සියයට අනූනමයක්ම යුක්තිය මෙහෙයුම නොනවත්වාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටින බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසයි.
රටේ ජනාධිපතිවරයා , අගමැතිවරයා හා ව්‍යවස්ථාදායකය මෙම මෙහෙයුම නවත්වන ලෙසට උපදෙස් ලබා දෙන්නේ නම් පමණක් මෙම මෙහෙයුම නවත්වන බවත්, එසේ නොමැතිව මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන්ම තුරන් කරන තෙක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
කුමන මෙහෙයුමක් ආරම්භ කළත් මත්කුඩු ජාවාරම්කරුවන්, මත්පැන් ජාවාරම්කරුවන්ට අගතියක් වූ විට ඔවුන් තමන්ට පොලිසියෙන් හිරහැර සිදුවන බවට, සඳහන් කරමින් පොලිසියට පැමිණිළි කරන බවත්, මෙතෙක් ඒ තත්වය පැවතුනද යුක්තිය මෙහෙයුමේදී එවැනි කිසිදු පැමිණිල්ලක් මේ දක්වා පොලිසිය වෙත ලැබී නොමැති බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.
රටේ නීතිය, ජනතාවගේ මානව හිමිකම්,සහ සදාචාරය, අනුගත වෙමින් මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බවද වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ලංකාදීපය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.