saravita-anim2

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා

TOP STORY - timelapse 1432 hours ago

LATEST

ආණ්ඩුව දවස් 13 ට රුපියල් කෝටි 41,900 ක ණය අරං

calendar_today 2024 ඔක් 16 - 17:58 remove_red_eye - 778  

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

තමා සතු පාස්කු වාර්තා දෙක ලබා දුන් පසු ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතිවරයා හෝ ආණ්ඩුව ප්‍රතිඥාවක් නොදෙන්නේ නම් එම වාර්තා කිසිදු හේතුවක් මත ආණ්ඩුවට භාර දීමට තමා සූදානම් නොමැති බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

මාස 06ක කාලයක් සඳහා ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කල බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 10/21 දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර , මේ වනවිට ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.Y

Read More

නේවාසිකාගාර සපයන්නන් ඒවා ලබාගන්නන්ගේ ජීවිත තුට්ටු දෙකට දමා ආරක්ෂාව සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් නොකර මාසය අන්තිමට මුදල්ම පමණක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සිදු වූ අවාසනාවන්ත අකල් මරණයක තොරතුරු තලංගම පොලිස් වසමෙන් වාර්තා වීය.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්දි ස්ත්‍රික් 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක පවුල් 40,516ක පුද්ගලයන් 158,391ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාතයාංශයේ ආපධා කළමනාකරණ අතිරේක ලේකම් කේ.සී.ධර්මතිලක මහතා පැවසීය.

Read More

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.

Read More

පසුගිය රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැවැල්ල මහතා දේශපාලනයට තාවකාලිකව සමු දෙන බව මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කොට තිබූ ඔහුගේ අනුගාමිකයන්ගේ සුහද හමුවකදී ප්‍රකාශයට පත් කළේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවත් 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරයි.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිපත් නොවන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නි​වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

ජනප්‍රිය නළුවෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද වන රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් ආරම් කර තිබේ.

Read More

පසුගිය රජය මගින් ජනාධිපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුනක් අත්හිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.

Read More

අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07දා) අත්සන් තබා තිබේ.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.

Read More

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාවන දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.

Read More

2024 කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය අද(03දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වේ.

Read More

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.

Read More

ඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙක් සමාලෝචනයක් සිදු කළ යුතු බවත්, කෙසේ වෙතත් හෙට පැමිණෙන අයි.එම්.එෆ් නියෝජිතයන් සමග එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

Read More

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 311කි. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 33කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 319කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 24කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 283කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 19කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 183කි.කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනයක් සිදුකර නොමැත.

Read More

ඒ පිළිබඳ අද(30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිදුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සියලුම සිසුන්ට එම ප්‍රශ්න තුනට අදාළව ලකුණු ලබාදීමටත් එම ශිෂ්‍යත්ව විභාගය නැවත වරක් නොපැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.