සැමියාගේ හා පුතාගේ නම කුඩුවලට ගෑවුණ මාලිමා නාගරික මන්ත්‍රිවරිය ඉල්ලා අස්වෙයි
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි නම් නාගරික මන්ත්‍රිවරියයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට සහයක් ලෙස සලකා ඇය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇය සිය ඉල්ල අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට මෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

