ඉන්ධන මිල සූූූූත්රය අනුව සෑම මසකම අවසානයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව,
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294කි.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00කි.
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල නොවෙනස්වේ. එහි මිල රුපියල් 335කිත
සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නොමැති අතර එහි මිල රුපියල් 277කි.
රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද වෙනසක් සිදුව නොමැත.