(UPDATE) 05.03 PM අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චරිිත රත්වත්තේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
10.41 AM චරිත රත්වත්තේ අත්අඩංගුවට
හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසි අත්අඩංගුවට ගෙන තිබේ.
නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව 2015 වසරේ කිසිදු අවශ්‍යතාවයකින් තොරව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සිදුවන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.