මුල් මාස 9දී පරිප්පු, ළූණු, ආර්තාපල් ආනයන වියදම අඩුවෙලා
පරිප්පු, ළූණු, ආර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල් මාස නමය තුලදි ( ජන -සැප්) ඇමරිකානු ඩොලර් මිලියන 323ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ (2024) මෙම කාලසිමාව තුල මෙම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරිම සදහා වැයකොට ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 329.6ක් වන අතර එය ඉකුත් වර්ෂයේ මුල්මාස හයට සාපේක්ෂව සියයට 2.0ක අඩුවිමකි. මෙම වර්ෂයේ මුල්මාස නමය තුල ආහාර සහ පාන වර්ග ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 1,565.1ක්, ධාන්‍ය සහ ු ඇඹුරුම් ආශ්රිත කර්මාන්ත නිෂ්පාදන සදහා ඇමරිකානු ඩොලර් මිලියන 97.5ක්, මුහුදු ආහාර සදහා ඩොලර් මිලියන 84.4ක මුදලක් වැයකොට ඇත.
සිනි හා රසකැවිලි ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 273.8කි. කුළු බඩු ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 72.4ක් සහ තෙල් සහ මේද වර්ග ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 272.6ක මුදලක් වැයකොට ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

