අනුරාධපුරයේදී හෙරොයින් සමග අත්අඩංගුවට විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ. ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි.
මෙම සැකකාර විදුහල්පතිවරයා ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්රීවරියකගේ සැමියෙකුද වෙයි. සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.