වාහන බදු වලින් අපේක්ෂා කළාට වඩා රු.බි. 100ක වැඩි බදු ආදායමක්
2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලන ලදී.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තාක්ෂණික කණ්ඩායම විසින් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත, රාජ්‍ය ණය කළමනාකරණ (PDM) පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතාවයන් තුළ 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් වී ඇති බව වාර්තාව මගින් දක්වා ඇත.
එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බවද දක්වා ඇත. කෙසේ වෙතත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කරන බවද වාර්තාව මගින් දක්වා ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනතුරුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟද සාකච්ඡා පවත්වන ලදී. එහිදී එම නියෝජිතයින් විසින් අයවැයේ විනිවිදභාවය, විවිධ අංශවලට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය හා දැනට හඳුනාගෙන ඇති ගැටලු හා යෝජනා පිළිබඳව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළහ. ඒ අනුව ඔවුන්ගේ එම අදහස් හා යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

