කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් කොල්ලකෑමකට සම්බන්ධ
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒසේම සැකකාර සුරාබදු නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.