2014දී වැට් බදු ආදායම රු. ට්‍රිලියන 1.3
එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් බිලියන 1,309.7 දක්වා සියයට 88.6කින් කැපිපෙනෙන ලෙස වර්ධනය වි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.
ඉතිහාසයේ ප්‍රථම වතාවට එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම 2024 වර්ෂයේ දි ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
2023 වර්ෂයේ දි එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 694.5 ක් වු අතර 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන1,309.7 දක්වා සියයට 88.6කින් කැපිපෙනෙන ලෙස වර්ධනය වි ඇත.
ඉකුත් වර්ෂයේ දි රාජ්‍ය ආදායමට ශාලතම දායකත්වය දක්වා ඇත්තේ එකතුකළ අගයමත බද්දෙන් ලද ආදායම බවද මෙම වාර්තාවේ සදහන් වේ.2024 ජනවාරි මස 01 වැනිදින සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බද්ද සදහා වන බදු අනුපාතය ඉහළ නැංවිම, එකතු කළ අගය මත බද්ද සදහා ලියාපදිංචිවිමේ සිමාව පහත හෙලිම, සහ එකතුකළ අගයමත බද්ද සදහා ලියාපදිංචිවිමේ සිමාව පහත හෙලිම, ආනයන සිමා ක්‍රමයෙන් ඉවත් කිරිම හේතුවෙන් එකතු කළ අගය මත බදු ආදායම කැපිපෙනෙන ලෙස වර්ධනය වි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

