පළාත් සභා ඡන්දය ලබන අවුරුද්දේත් නැහැ
- ප්‍රේම කීර්ති රණතුංග
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත පනත අහෝසි වී ඇති බැවින් ලබන වසරේත් පළාත් සභා මැතිවරණය නොපැවැත් වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබූ සමානුපාතික නියෝජන ක්‍රමය ඉකුත් ආණ්ඩු සමයේ අහෝසි කර ඇති බැවින් යළි එම ක්‍රමයට පණ නොදීමට රජය තීන්දු කර ඇත.
රජය පවසන්නේ පැවැති ඡන්ද ක්‍රමයට තිබූ ජනතා විරෝධය හේතුවෙන් විශාල මුදලක් වියදම් කර තේරීම් කාරක සභාවක තීන්දු අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් සම්මතයකින් පැරණි ඡන්ද ක්‍රමය අහෝසි කර නව ඡන්ද ක්‍රමයක් ගෙනවිත් ඇති බවය.
සම්මත කර ඇති නව ඡන්ද ක්රමයද මේ වන විට අක්‍රිය මට්ටමේ පවතී.
මේ පිළිබඳ තීන්දුවක් ගැනීම කෙටි කලකින් කළ නොහැකි නිසා රජය තීන්දු කර ඇත්තේ රජය ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා පිළිබඳ යම් තීන්දුවක් ගැනීමටය.ඒ
අනුව ලබන වසරේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බව ස්ථිර වශයෙන්ම දැනගන්නට ඇත .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

