මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. ඒ අනුව ඔහු මෙම ධුරයට පත්වන්නේ තෙවැනි අවස්ථාවටය. දියවඩන නිලමේ ධුර කාලය වසර 10කි. මේ වන විටත් අවස්ථා දෙකකදී ඔහු වසර 20ක් දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර තිබේ.
මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි.එහිදී ප්රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින් මෙසේ යළිත් එම ධුරයට පත්විය.