දෙවිනුවර පෙරහරට කාවඩි කණ්ඩායම් එක්කර ගනියි
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන ඳසහා අවසර ලබාදිමට තීරණය කර තිබේ. ඒ් අනුව පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් ඳසහා මෙවර නර්තනයේ යෙදීමට අවස්ථාව ලබා දි තිබේ.
උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේදි මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්විය.එසේම පෙරහැරට පොලීසියට අමතර පොලිස් විශේෂ කාර්ය බළකායද මෙවර පෙරහරට ආරක්ෂාව ලබාදීමට තිරණය කර තිබේ.
කාවඩි නර්තන ශිල්පීන්ගේ ඇඳුම්වල පවතින ගැටලු සහ සමහරක් පුද්ගලයන් අඩ නිරුවතින් හෝ රහස් ප්‍රදේශ පෙනෙන අයුරින් අශෝභන ලෙස නර්තනයේ යෙදීම, නර්තන ශිල්පීන් බහුතරයක් අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම යනාදී කරුණු කිහිපයක් අනුව කාවඩ් කණ්ඩායම් කිහිපයක් වෙත පෙරහරට එක්විම තහනම් කිරිමට මීට පෙර දේවාලයේ බස්නායක නිළමේ වරයා කටයුතු කර තිබුණි.
නමුත් පිරිසකට පමණක් අවස්ථාව දීමේ තීරණයත් සමග, ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් කිහිපයක් අතර යම් සංවාද සහ නොසන්සුන්තා කිහිපයක් ඇතිව ඇතිව තිබුණ අතර ඒ අනුව පෙරහැරේ ආරක්ෂාව සහතික කිරීමට මෙවර පෙරහරට කාවඩි නර්තන කණ්ඩායම් සම්බන්ධ කර නොගැනීමට නියෝග කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
