කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසීය. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ඊයේ රාත්රී බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් ඇතිව තිබුණ අතර පසුව ඒය පාලනය කර තිබුණත් අද පෙරවරුවේ යළිත් නොසන්සුන්තාවක් ඇතිව තිබේ. ගැටුම විසුරුවාහැරීමට කඳුුළු ගෑස් ප්රහාරද එල්ල කර තිබේ.